ශ්‍රී ලංකා සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පාකිස්තානයට එරෙහි T20 සංචිතයට මෙන්ම එළඹෙන එක්දින තුන්කොන් තරඟාවලියටද ඇතුළත් කර නොමැති වීම ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. ආරම්භයේදී ඔහු ආබාධයකට ලක්ව ඇති බවට ප්‍රචාරය වුවද, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදියෙකුගේ වාර්තාවලට අනුව ඔහුගේ ඉවත් කිරීමට හේතුව ආබාධයක් නොවන බව අනාවරණය වෙනවා.
පවතින තත්ත්වය අනුව, ක්‍රීඩකයෙකු ලෙස වනිඳු හට නැවතත් සිය පැරණි තාක්ෂණික හා මානසික රිද්මයට පැමිණීමට (Form & Rhythm) අවස්ථාව ලබාදීමේ අරමුණින් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇති බවට විශ්වාස කෙරෙනවා.
වනිඳු හසරංග ශාරීරිකව පූර්ණ සුවයෙන් සිටින අතර, සංචිතයෙන් ඉවත් කිරීම හුදෙක් විවේක ගැන්වීමක් හෝ විනයානුකූල/තාක්ෂණික පියවරක් ලෙස සැලකෙන අතර එංගලන්තයට එරෙහි අවසන් T20 තරඟයේදී වනිඳු ‘Hit Wicket’ ක්‍රමයට දැවී යාමේ සිදුවීම ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්වූ අතර, එම දැවීම සාමාන්‍ය එකක්ද යන්න පිළිබඳවද සැකමතු වී තිබේ.
කණ්ඩායමෙන් ඉවත් කෙරුණු මෙම කාල සීමාව තුළ සිය අඩුපාඩු සකස් කර ගනිමින් නැවතත් පූර්ණ ශක්තියෙන් ජාතික කණ්ඩායමට එකතු වීමට වනිඳුට හැකිවේද යන්න රසිකයින් අතර දැඩි කුතුහලයක් මතු කර ඇත. 🥺♥️