Sonal Dinushata ODI අකැපද?

🇱🇰🏏 SONAL DINUSHA – ODI අවස්ථාවක් ලැබිය යුතුද? Test පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන්ගේ නම තදින්ම සටහන් කරපු Sonal Dinusha ගැන දැන් කතා කරන්න කාලය ඇවිල්ලාද? 👀🔥 2026 වසරේ Indiaට එරෙහි Test series එකේදී තරග 2ක ඉනිම් 4කින් ලකුණු 420ක් ලබාගනිමින්, ශතක 3ක් සමඟ අතිවිශිෂ්ට දස්කම් දැක්වූ Sonal, අවසන් Test තරගයේදී 103ක් සහ නොදැවී 133ක් ලබාගෙන ශ්‍රී ලංකාව පරාජයෙන් බේරාගැනීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. 💪🇱🇰 මේ දස්කම් නිසාම ඔහු ICC Men’s Player of the Month – August 2026 සම්මානයෙන්ද පිදුම් ලැබුවා. 🏆🔥 Test format එකේ මේ තරම් සාර්ථකව ක්‍රීඩා කරන Sonal Dinushaට ODI format එකේත් අවස්ථාවක් ලබාදීම සුදුසුද? 🤔
වනිඳුව එංගලන්ත සංචාරයෙන් ඉවත් කිරීම පිටුපස ආබාධයකට වඩා වෙනස්ම කතාවක් ?

ශ්‍රී ලංකා සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පාකිස්තානයට එරෙහි T20 සංචිතයට මෙන්ම එළඹෙන එක්දින තුන්කොන් තරඟාවලියටද ඇතුළත් කර නොමැති වීම ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. ආරම්භයේදී ඔහු ආබාධයකට ලක්ව ඇති බවට ප්‍රචාරය වුවද, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදියෙකුගේ වාර්තාවලට අනුව ඔහුගේ ඉවත් කිරීමට හේතුව ආබාධයක් නොවන බව අනාවරණය වෙනවා. පවතින තත්ත්වය අනුව, ක්‍රීඩකයෙකු ලෙස වනිඳු හට නැවතත් සිය පැරණි තාක්ෂණික හා මානසික රිද්මයට පැමිණීමට (Form & Rhythm) අවස්ථාව ලබාදීමේ අරමුණින් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇති බවට විශ්වාස කෙරෙනවා. වනිඳු හසරංග ශාරීරිකව පූර්ණ සුවයෙන් සිටින අතර, සංචිතයෙන් ඉවත් කිරීම හුදෙක් විවේක ගැන්වීමක් හෝ විනයානුකූල/තාක්ෂණික පියවරක් ලෙස සැලකෙන අතර එංගලන්තයට එරෙහි අවසන් T20 තරඟයේදී වනිඳු ‘Hit Wicket’ ක්‍රමයට දැවී යාමේ සිදුවීම ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්වූ අතර, එම දැවීම සාමාන්‍ය එකක්ද යන්න පිළිබඳවද සැකමතු වී තිබේ. කණ්ඩායමෙන් ඉවත් කෙරුණු මෙම කාල සීමාව තුළ සිය අඩුපාඩු සකස් කර ගනිමින් නැවතත් පූර්ණ ශක්තියෙන් ජාතික කණ්ඩායමට එකතු වීමට වනිඳුට හැකිවේද යන්න රසිකයින් අතර දැඩි කුතුහලයක් මතු කර ඇත. 🥺♥️